ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 13/07/2019
ශ්‍රී ලංකාවේ දුරකථන මාධ්‍ය හරහා වෛද්‍ය සේවාවන් ලබා දෙන ප්‍රමුඛතම සේවා සම්පාදකයා වන ODoc සමගින් AIA රක්ෂණ සමාගම තම සේවාලාභින් හට නොමිලේ ප්රතිලාභ රැසක් ලබාදීමේ ගිවිසුමකට එළඹ ඇත. ශ්‍රී ලංකාව තුළ විශ්‍රාම, ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සම්බන්ධයෙන් ප්රමුඛස්ථානයක් ගන්නා AIA රක්ෂණ සමාගම දැන් තම සේවාලාභීන් සහ ඔවුන්ගේ ආදරණීයයන්හට අසීමිත වාර ගණනක්, නොමිලේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට මේ හරහා අවස්ථාව ලබා දී තිබේ. මෙවැනි සේවාවක් ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්රය තුළ සැපයෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර AIA රක්ෂණ සමාගමේ තෝරාගත් සේවාලාභීන්හට තමාගේ ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේ oDoc හා සමග සම්බන්ධව සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරු රැසකගෙන් නොමිලේ වෛද්‍ය සේවාවන් ලබා ගැනීමේ හැකියාව ඇත.
මෙම සේවාව මගින් AIA හි සේවාලාභින්හට සාමාන්‍ය වෛද්‍යවරු (General Practitioners) 250ක් සහ ළමා රෝග, ප්‍රසව සහ නාරිවේද,චර්ම රෝග සහ මානසික සෞඛ්‍ය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් 40ක් හා සම්බන්ධ වී උපදේශන සැසි වාරයන් පැවැත්විය හැකිවේ. මෙම සැසි වාරයන් වීඩියෝ,හඬ හෝ පණිවිඩ මාධ්‍යයන් (video/audio/text) තුළින් සිදුකල හැකි අතර එම වෛද්‍යවරුන්ගෙන් වලංගු ඖශධ වට්ටෝරු පවා විනාඩි කිහිපයක් ඇතුළත ODoc මෘදුකාංගය (App) ඔස්සේ ඔබ වෙත ලබා ගැනීමේ හැකියාව ඇත. ඔබට සැලසෙන සේවාවන්හි ගුණාත්මක භාවය පිළිබඳව oDoc සහතික වන අතර ඒ සඳහාම oDoc හා සම්බන්ධ වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (Sri Lanka Medical Council) හා ලියාපදිංචි වූ මෙන්ම අවම වශයෙන් වසර 5ක අත්දැකීම් සහිත වෛද්‍යවරුන් ද වනු ඇත.
AIA හි ප්‍රධාන අලෙවි නිලධාරී වන නිකිල් අද්වානි පැවසුවේ "මෙම සහයෝගිතා ගිවිසුම AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන සන්නාම පොරොන්දුව වන ශ්‍රී ලාංකික ජනයාට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ළඟා කර දීමේ පොරොන්දුව යථාර්යක් කර දීමේ එක් කොටසකි. දැන් අප විසින් අපගේ සේවාලාභීන් හට තමන්ගේ වෛද්‍ය වියදම් පුරණය කිරීම, මූල්‍ය විසඳුම් සලසාදීම වැනි වැදගත් රක්ෂණ සේවාවන් පමණක් නොව ඔවුන්ට ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතා කරමින් විනාඩි තුනක් වැනි සුළු මොහොතකින්, වෛද්‍ය උපදෙස් නොමිලේ ලබාගැනීමේ හැකියාවද සලසා දී තිබේ. මොහොතක් සිතන්න, එදිනෙදා ජීවිතයේ හටගන්නා උණ, සෙම්ප්‍රතිශ්‍යාව, අජීර්ණය වැනි සාමාන්‍ය රෝගී අවස්ථාවන්හිදී නිවසේ සිටම පහසුවෙන් වෛද්‍යවරයකු අමතා එයට ප්‍රතිකාර ලබාගැනීම ඉතාමත් ආකර්ෂණීය අදහසක් නොවේද? අංකයක් ලබාගැනීම, වර්තමානයේ නගරබදව පවතින වාහන තදබදය තුලින් වෛද්‍ය සායනයකට ගමන් කිරීම හා තම වාරය පැමිණෙන තෙක් කල් ගතකරමින් එහි රැඳී සිටීම වැනි සාම්ප්‍රදායිකව වෛද්‍යවරයෙකු හමුවීමේ ක්‍රමය තුළ මුහුණපාන අපහසුතාවයන් කිසි දෙයකට මුහුණ නොදී වෛද්‍ය උපදෙස් නොමිලේ ලබාගැනීම ඉතාමත් අනගි පහසුකමක් නොවේද?"
ඔහු තවදුරටත් පැවසුවේ "oDoc සහ AIA සමාගම් දෙකෙහිම අධිෂ්ඨානය වන්නේ ශ්‍රී ලංකා ජන ජීවිතයේ සහ ජීවන රටාවේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමයි. එහෙයින් අපේ සේවාලාභීන්හට විශේෂඥ රෝග නිවාරණ සේවාවන් රැසක් මෙමගින් සලසා දීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙමු. සාමාන්‍ය වෛද්‍ය උපදේශයන්ට අමතරව පෝෂණවේදීන්, මානසික සෞඛ්‍ය විශේෂඥයින් සහ දියවැඩියා පාලන විශේෂඥයින් අමතා සේවාලාභින්හට ඔවුන්ගේ ආහාර ගැනීම, නිදාගැනීම, මානසික පීඩනය කළමනාකරණය සහ වෙනත් ජීවන රටා පුරුදු යහපත් ලෙස හැඩගස්වා ගැනීමට අවශ්‍ය උපදෙස්ද මෙතුළින් ලබා ගත හැකිවනු ඇත. යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට අවශ්‍ය සැබෑ වෙනසක් සලසාදෙන මෙවැනි විශිෂ්ට සේවාවක්, ශ්‍රී ලංකාව තුළ සැපයීමට ඉදිරිපත්වූ, පුරෝගාමි රක්ෂණ සමාගම වීම පිළිබඳව අප සතුටට පත්වෙනවා".
oDoc හි ප්‍රධාන වෛද්‍ය නිලධාරී සහ සම-නිර්මාර්තෘ වන වෛද්‍ය ජනක වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් තම හිතමිතුරන් සහ නෑදෑයන්ගේ වෛද්‍ය අවශ්‍යතාවයන් පිලිබඳ වෛද්‍ය උපදේශන දුරකථනය මගින් ලබා දීම බොහෝ කල සිට පැවතෙන හුරු පුරුද්දක් බවයි. "oDoc, මෙම සේවාවම සියලු ශ්‍රී ලාංකික ජන සමාජයටම ලබා ගත හැකි සේවාවක් ලෙස ව්‍යාප්ත කිරීමේ යටිතල පහසුකම් දැන් සලසා තිබේ. AIA රක්ෂණ සමාගම වැනි නව්‍යකරණය කඩිනමින් වැළඳ ගන්නා සමාගම් සමග හවුල් වීම මගින් ශ්‍රී ලාංකිකයන්හට උසස් ගණයේ සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේ පහසුව අප බොහෝ සේ ඉහළ නංවා තිබෙනවා"
මෙම සේවාවන් ඔස්සේ පිරිනැමෙන තවත් විශේෂ අමතර සේවාවන් කිහිපයකි. ඒවානම්, Healthnetbuy (හෙල්ත්නෙට්බයි) ඔස්සේ 10% ක වට්ටමක් සමග ඖෂධ බෙදාහැරීමේ සේවාව, 25%ක වට්ටමක් සමග MediHelp (මෙඩිහෙල්ප්) ජංගම වෛද්‍ය පරීක්ෂණ සේවාව, 25%ක වට්ටමක් සමග eChanneling (ඊ-චැනලින්) සේවාව වේ. මෙම අමතර සේවාවන් දිවා රාත්‍රී දෙකෙහිම oDoc ඇප් එක මගින් ලබාගත හැක.
ආරම්භයේදී AIA රක්ෂණ සමාගම, සිය සෞඛ්‍ය රක්ෂණ සේවාලාභීන් සියලු දෙනාහට සහ AIA first class සේවාලාභීන් හට මෙම සේවාව ව්‍යාප්ත කිරීමට වැඩ කටයුතු කරමින් පවතීයි. අමතර තොරතුරු සඳහා කරුණාකර 011 2 310 310 අමතන්න.