ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 23/07/2019
ලෝකයේ විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන AIA, මෙරට ජනතාවට සුවපත්, සැපවත් දිගුකල් ජීවිත ගතකිරීමට සහාය වීමේ සිය සාමාජයීය මෙහෙවරෙහි තවත් නවතම පියවරක් තබමින් “Little Changes Challenge” (LCC) නමින් අභියෝගයක් නොබෝදා දියත් කරන ලදී. මෙම අභියෝගය සමාජ මාධ්‍ය ඔස්සේ AIA ව්‍යාපාර පවත්වන්නා වූ ආසියානු පැසිෆික් කලාපය පුරා දියත් කර ඇති අතර මෙමගින් යහපත් සෞඛ්‍යසම්පන්න ජීවිත රටාවක් ලඟා කර ගැනීමට කල හැකි පුංචි වෙනස්කම් සඳහා ජනතාව දිරිමත් කරයි. ඔබගේ ජීවන රටාවේ යහපත් වෙනස්කම් ඇතිකර ගැනීම ආරම්භ කිරීමට පහසුවෙන් මෙන්ම විනෝදාත්මක අයුරින් ගතහැකි කුඩා පියවර ගැනීමට මෙමගින් ජනතාව යොමු කරවනු ලබයි.
සිය පවුලේ ආදරණීයයන් සමගින් වැඩිපුර පැයක කාලයක් ගත කිරීම, තමා වෙනුවෙන් කාලයක් වෙන්කර ගැනීම, සාමාන්‍යයෙන් ඔබ නින්දට යන වෙලාවට වඩා පැයකට කලින් නින්දට යාම වැනි ඔබට සරිලන, ඔබ කැමති පුංචි වෙනස්කම් අභියෝග තෝරා ගැනීමට ඔබට හැකියාව ඇති අතර මේ සඳහා ඔබට AIA රක්ෂණ සමාගම සහාය වනු ඇත. ඔබ තෝරා ගන්නා ලද අභියෝගයේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ම වෙන් වූ chatbots දෙකක් ඔබේ සහයට වෙන්කර ඇති අතර මෙමගින් ඔබට ඔබගේ පවුලේ සාමාජිකයින් සමගින් අභියෝගයන්හි ප්‍රගතිය බෙදා ගැනීමට ද හැකියාව ඇත.
AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිකල් අද්වානී මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ “2018 වසරේදී අපි අපගේ සේවාලාභීන්ට, සහ පොදුවේ ජන සමාජයටම සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ගත කිරීම සඳහා සහාය වීමට ප්‍රතිඥාවක් දුන්නා. අපගේ නවතම සන්නාම ප්‍රතිඥාව මෙය වන අතර එය සාර්ථකව ක්‍රියාවට නැංවීමේ අරමුණින් අප සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පුංචි වෙනස්කම් අභියෝගය හදුන්වා දී තිබෙනවා. මෙමගින් දහස් ගණනක් ජනතාවට සිය ජීවන රටාවේ ධනාත්මක වෙනස්කම් සිදුකරමින් වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අත්විදීමේ අවස්ථාව උදාවෙනවා. “
AIA රක්ෂණ සමාගමේ ප්‍රවර්ධන කණ්ඩායම් දැනට දිවයින වටා පුංචි වෙනස්කම් අභියෝගය පිළිබඳව දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටියි. මෙහිදී ඕනෑම අයෙකුට ඔවුන්ගේ සිරුරේ ස්කන්ධ දර්ශකය, මේද සංයුතිය වැනි දේ පිළිබඳව දැනුවත් වීමටත් විවිධ යෝග්‍යතා අභියෝග වලට සහභාගී වී තිළිණ දිනාගැනීමටත් හැකියාව ඇත.
මෙම පුංචි වෙනස්කම් අභියෝගය ප්‍රථම වරට ශ්‍රී ලංකාව තුල මෙන්ම මෙරට රක්ෂණ ක්ෂේත්රය තුලත් හදුන්වා දෙන ලද අතර ඒ ඔස්සේ වැඩි වැඩියෙන් ජනතාව වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු පුරුදු වීමත් ඒ සඳහා නැඹුරු කරවීමත් AIA රක්ෂණ සමාගමේ අපේක්ෂාවයි. https://littlechanges.aia.com/lk ඔස්සේ AIA ශ්‍රී ලංකා Facebook පිටුවට පිවිස මෙම “Little Changes Challenge” (LCC) අභියෝගයට ඕනෑම අයෙකුට ඉදිරිපත් වීමේ හැකියාව ඇත.