ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 07/10/2019
ඔබේ AIA රක්ෂණ වාරික ගෙවීම වෙන කවරදාටත් වඩා වේගවත් හා පහසුවෙන් කිරීමට දැන් ඔබට පුළුවන්. AIA හි නවතම ඩිජිටල් වාරික ගෙවීමේ විසඳුම මඟින් ඔබේ නව රක්ෂණ සැලසුම් සඳහා වාරික ගෙවීමට, ඉදිරි වාරික ගෙවීම් පෙළ ගැස්වීමට, ස්ථාවර නියෝග සකස් කිරීමට, රක්ෂණ වරය නැවත සක්‍රීය කිරීමට හෝ ඔබට හිමි වාරික ශේෂයක් ආපසු ලබා ගැනීමට පහසුවෙන් ඉඩ සලසයි! මේ සියලු සේවාවන් ලබා ගැනීමට, අවශ්‍ය වෙබ් සබැඳිය (වෙබ් ලින්ක්) ඔබගේ වෙල්ත් ප්ලෑනර් ඔබට ලබා දෙනු ඇත.
AIA විසින් Direct Pay හා සමඟ වාරික ගෙවීමේ පහසුව ඉහළ නැංවීමට ඇරැඹු මෙම හවුල්කාරිත්වය තුළින් දැන් ඔබේ වෙල්ත් ප්ලෑනර් ලබා දුන් වෙබ් සබැඳියට පිවිසීමෙන් නිවසේ හෝ කාර්යාලයේ සිට සුවපහසුවෙන් වාරික ගෙවීම් කිරීමට සහ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරමින් ස්ථාවර නියෝගයක් සැකසීමට අවස්ථාව සැලසේ. එබැවින් ස්ථාවර නියෝගයක් සැකසීම සඳහා හෝ වාරික ගෙවීම සඳහා, ඔබේ කාර්ය බහුල කාලසටහනෙන් කාලය වෙන් කරගනිමින් මාර්ග තදබදය මධ්‍යයේ ගමන් කිරීමට දැන් අවශ්‍ය නැත!
AIA හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි සහ ප්‍රධාන නියෝජිත නිලධාරි උපුල් විජේසිංහ මහතා අදහස් දක්වමින්, “AIA හි අප, අපගේ සේවාලාභීන්ගේ කාලයේ ඇති වටිනාකම සැම විටම තේරුම් ගනිමින් කටයුතු කරන්නෙමු. එමෙන්ම සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ සුවපහසුව සැලසීමට නිතර වෙහෙසෙමු.
අපත් සමඟ සේවාලාභියා ගනුදෙනු කරන සෑම අවස්ථාවක් හා සෑම ගනුදෙනුවක් පහසු සහ වේගවත් කිරීමට අපි ප්‍රමුඛත්වය දෙමු. මෙම Direct Pay විසඳුම විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ වේගවත්, සරල හා ආරක්ෂිත වාරික ගෙවීමේ ක්‍රමයක් අපගේ සේවාලාභියන් හට ලබා දීම සඳහායි. ” "රක්ෂණයේ දී සේවාලාභීන් සැම විටම නියමිත වේලාවට වාරික ගෙවීම මූල්‍යමය වශයෙන් සුරක්ෂිතව සිටීම සඳහා ඉතා වැදගත් වේ. මෙම නව ගෙවීම් විසඳුම සේවාලාභීන්ගේ වාරික ගෙවීම් ස්වයංක්‍රීය ව ඉටු කර දෙන බැවින් ඔවුන්ගේ මෙම වගකීම පහසු කරවයි. මෙම විසඳුම මගින් ගෙවීම් මිනිත්තු 5 කට අඩු කාලයක් තුළ සැකසෙන බැවින්, අපගේ වෙල්ත් ප්ලෑනර් වරුන්ට ද තමන්ගේ සේවාලාභීන් වෙත වඩා වේගවත් හා ගුණාත්මක සේවාවක් ලබා දීම පහසු කරයි. එබැවින් මෙය අපගේ වෙල්ත් ප්ලෑනර් වරුන් සහ විශේෂයෙන් අපගේ ගනුදෙනුකරුවන් සඳහා වේගය සහ පහසුව සැලසීම කෙරෙහි අවධානය යොමු කර ඇති AIA හි සමස්ත ඩිජිටල්කරණ සැලැස්මේ එක් විප්ලවීය කොටසක්” වන බවයි.
AIA හි Direct ගෙවුම් විසඳුම බල ගන්වන්නේ තත්‍ය කාලීන, ආරක්ෂිත සහ පහසු රක්ෂණ වාරික ගෙවීම් විසඳුම් සපයන ශ්‍රී ලංකා මහ බැංකුවේ බලයලත් ජංගම ගෙවීම් සේවා සම්පාදකයකු වන DirectPay විසිනි. වැඩි විස්තර දැන ගැනීම සඳහා 0112 310310 ඔස්සේ AIA අමතන්න, එසේත් නැත්නම් ඔබේ AIA වෙල්ත් ප්ලෑනර්ට කතා කරන්න.