ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.
සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගමඅපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA පාරිභෝගික පෝටලය
අපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
{{title}}
{{label}}Colombo, 12/03/2019
ලොව විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන AIA සමූහයට 2019 වසරේ දී වසර 100 ක් සපිරේ. මේ නිමිත්ත සමරනු සඳහා, AIA රක්ෂණ සමාගමේ උතුරු නැගෙනහිර ප්‍රාදේශීය කාර්යාලයන්හී සේවාලාභීන්, කාර්ය මණ්ඩල සාමාජිකයින්, අලෙවි බලකා සාමාජිකයින් ඇතුළු 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පා ගමනක් පසුගියදා යාපනයේදී පවත්වන ලදී. මේ සඳහා සහභාගී වූ පිරිස, AIA රක්ෂණ සමාගමේ සන්නාම ප්‍රතිඥාව වන සුවපත්, සැපවත් දිගුකල් දිවියක් ගත කිරීම උදෙසා සිය ජීවන රටාවේ සිදුකරගත හැකි, හොඳ ආහාර පුරුදු ඇතිකර ගැනීම, අවශ්‍ය පමණ නින්ද සහ විවේකය ලබා ගැනීම, දිනකට පැය භාගයක් හෝ ව්‍යායාම් කිරීම වැනි වෙනස්කම් ඇතිකර ගැනීමට ප්‍රතිඥා ලබා දෙන ලදී. එමෙන්ම ඔවුනගේ සේවාලාභීන් හටද යහපත් සෞඛ්‍ය සහ මූල්‍යමය ශක්තිය උදා කරගැනීමට ද සහාය ලබා දීමටත් ඔවුන් ප්‍රතිඥා ලබා දුන්හ. AIA සමාගමට 100 වසක් පිරීම සමරමින් නොබෝදා කොළඹදී පවත්වන ලද “AIA Walk for Life” සමාජ සත්කාරක වැඩසටහනට සහභාගී වූ සෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම රු. 1000/- මුදලක් ශ්‍රී ලංකා හදවත් සංගමය වෙනුවෙන් සමාගම පරිත්‍යාග කල අතර මෙම වැඩසටහන අවසානයේදී AIA rlaIK iud.u ශ්‍රී ලංකා හදවත් සංගමය වෙත රුපියල් මිලියන 3 ක මුදලක් පරිත්‍යාග කරන ලදී. මෙම ප්‍රාදේශීය පාගමන් සමාගම පවත්වන ලද “AIA Walk for Life” සමාජ සත්කාරක වැඩසටහනට සමගාමීව පවත්වනු ලබයි.
This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .