ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.
සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගමඅපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA පාරිභෝගික පෝටලය
අපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
{{title}}
{{label}}Colombo, 23/07/2018
AIA ශ්‍රී ලංකා, මෙරට ප්‍රමුඛතම ජීවිත, සෞඛ්‍ය සහ විශ්‍රාම රක්ෂණ සම්පාදක සමාගමක් වන අතර, කාර්යසාධනයේ ඉහලින්ම සිටින සිය අලෙවි බලකා සාමාජිකයින් අගයමින් ඔවුන්ව AIA Gold Plus තලයට උසස් කරන ලදී. මෙම ඇගයීමත් සමගින් එම මූල්‍ය උපදේශකයින්හට අසමසම වූ ප්රතිලාභ හිමිවන අතර ඒ සමගින් ඔවුන්ගේ සේවාලාභීන්හට විශිෂ්ට සේවාවක් ලබාදීමට ඔවුන්ව බලාත්මක කර ඇත. AIA රක්ෂණ සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ, බෙදාහැරීම් අධ්යක්ෂ චමින්ද අධිකාරී සහ සමාගමේ විධායක කමිටු සාමාජිකයින් මෙන්ම AIA Gold Plus තලයට උසස් කරන ලද අලෙවි බලකා සාමාජිකයින්ගේ ද සහභාගීත්වයෙන් නොබෝදා AIA Tower හි දී Gold Plus වැඩසටහන දියත් කරන ලදී.
“අප මෙම වැඩසටහන දියත් කිරීමට හේතු වූයේ අපගේ අග්‍රගන්‍ය තලයේ සිටින වෙල්ත්ප්ලෑනර්වරුන්ගේ අති විශිෂ්ට ව්‍යාපාර කාර්යසාධනය ඇගයීමටයි. මෙම වැඩසටහන ඔස්සේ Gold Plus තත්ත්වය අත්පත් කරගැනීම සඳහා සියලුම වෙල්ත්ප්ලෑනර්වරුන් ධෛර්යමත්වනු ඇති බවත් ඒ තත්ත්වය කරා යාම අපේක්ෂා කරනු ඇති බවත් අපගේ විශ්වාසයයි. එමෙන්ම මේ ඔස්සේ ඔවුන්ගේ පෞද්ගලික ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කරගනිමින් ව්‍යාපාර වර්ධනයත්, සේවාලාභීන් හට විශිෂ්ට තත්ත්වයේ මූල්‍ය උපදේශනය සහ අසමසම සේවාවක් ලබා දීමේ හැකියාවත් ඔවුන්ට උදාවනු ඇති.” යැයි Gold Plus වැඩසටහන දියත් කිරීමේ උත්සවයේදී චමින්ද අධිකාරී කියා සිටියේය.
This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .