ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 09/07/2018
AIA රක්ෂණ සමාගමේ සංවිධානයෙන් මේ වසරේත් අඛණ්ඩව 26 වන වතාවටත් AIA පොසොන් රැකවරණ වැඩසටහන සංවිධානය කර තිබුණි. අනුරාධපුර, පොලොන්නරුව සහ දඹුල්ල යන පූජා නගර වෙත පැමිණි විශාල වන්දනාකරුවන් පිරිස අතරින් මෙම නගර ආශ්‍රිතව ඇති ජලාශ වල දියනෑමට ගොස් දියේ ගිලී අනතුරට පත් වන්දනාකරුවන් 7ත් දෙනෙකුගේ වටිනා ජීවිත බේරා ගැනීමට මෙමගින් හැකිවිය.
AIA පොසොන් රැකවරණ වැඩසටහන ඔස්සේ, 1993 වසරේ සිට අඛණ්ඩව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජීවිතාරක්ෂකයින්ගේ දායකත්වයෙන් වන්දනාකරුවන් දිය නෑමට වඩාත් කැමැත්තක් දක්වන ජලාශ අවට රැකවරණය සැපයිණි. මෙම වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා 200කට අධික වන්දනාකරුවන් පිරිසකගේ වටිනා ජීවිත බේරා ගැනීමට මෙමගින් හැකියාව ලැබී ඇති අතර, මේ වසරේත් පොසොන් සමයේ දින 3ක් පුරාවට පූජා නගර ආශ්‍රිත වැව් සහ ජලාශ 23ක් ආවරණය වන පරිදි ජීවිතාරක්‍ෂක නිලධාරීන් 540 දෙනෙකුගේ දායකත්වයෙන් පොසොන් වන්දනාකරුවන්ගේ වටිනා ජීවිත සඳහා රැකවරණය සපයා තිබුණි.
“මගේ අනාගතය ගැන් දහසකුත් බලාපොරොත්තු තියාගෙන ඉන්න වෙලාවක තමයි මම මේ අනතුරට මුහුණ දුන්නේ. මගේ ජීවිතේ බේරාගෙන මට ජීවත්වීමට නැවතත් අවස්ථාවක් ලබාදුන් ඒ ජීවිතාරක්ෂකයන්ට මම සදහටම ණයගැතියි.” යැයි කියා සිටියේ මෙවර දියේ ගිලීමෙන් සිය ජීවිතය බේරා ගත් පොසොන් වන්දනාකරුවෙක්.
“අප මේ වනවිට 26 වන වතාවටත් පොසොන් රැකවරණ වැඩසටහන ක්‍රියාත්මක කර අවසන්. මෙම වැඩසටහන යටතේ එහි ආරම්භයේ සිට මේ දක්වා වටිනා මිනිස් ජීවිත 200 කට අධික සංඛ්‍යාවක් බේරා ගැනීමට හැකි වීම පිළිබඳව අපට ඇත්තේ ඉමහත් සතුටක්.” යැයි AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානී පවසා සිටියි.
“පවුලකට තම ආදරණීයයෙක් මෙලෙස වන්දනාවේ ගියවිට දියේ ගිලී වියෝවීම ඉතාමත් ඛේදජනක සිදුවීමක්. වන්දනාකරුවන්ගේ රැකවරණය සලසා දීමට අප මෙම පොසොන් රැකවරණ වැඩසටහන් ඔස්සේ අනුරාධපුර, පොලොන්නරුව සහ දඹුල්ල යන පූජා නගර පුරාවට දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කරමින් සහ දිය නෑමට නුසුදුසු ස්ථානවල ජීවිතාරක්ෂකයින් යොදවමින් මහත් පරිශ්‍රමයක් දරනවා. මෙහිදී AIA පොසොන් රැකවරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අපට සහයෝගය දක්වන්නා වූ ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට මගේ හදපිරි කෘතඥතාවය පළකර සිටීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.” යැයි ඔහු තවදුරටත් පවසා සිටියේය.