ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.
සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගමඅපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA පාරිභෝගික පෝටලය
අපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
{{title}}
{{label}}Colombo, 18/07/2018
AIA රක්ෂණ සමාගම, විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Great Place to Work® සම්මානයෙන් අඛණ්ඩව 7ත් වන වරටත් පිදුම් ලැබීම ඉමහත් අභිමානයෙන් යුතුව සමරයි. මෙවරත් AIA රක්ෂණ සමාගම මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථාන 25 අතරින් එකක් ලෙස තේරී පත් වූ අතර විශාල ව්‍යාපාර කාණ්ඩයේ රජත සම්මානය දිනා ගැනීමට ද සමත් විය.
AIA රක්ෂණ සමාගම මෙම සම්මාන සඳහා වූ දැඩි නිර්ණායකයන් සියල්ලට යටත්ව Great Place to Work® Trust Index© survey and Culture Audit© සමීක්ෂණය සඳහා දිවයින පුරා ඉහල ලකුණු රැස් කර ගැනීමට සමත් වූ අතර විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමටද ලක් විය.
AIA රක්ෂණ සමාගමේ මානව සම්පත් අධ්යක්ෂ තුෂාරී පෙරේරා සිය අදහස් දක්වමින් කියා සිටියේ “අනෙකුත් සමාගම් අභිබවා යමින් මෙවන් විශිෂ්ට සම්මානයකට හිමිකම් කීම මගින් පිළිබිඹු වන්නේ අප සමාගම කාර්ය මණ්ඩල සාමාජිකයින්හට රැකියාව කිරීමට විශිෂ්ට සේවා ස්ථානයක් වීම මෙන්ම ව්‍යාපාර ක්ෂේත්රය තුල රැකියා සොයන්නන්ගේ ඉහළම තේරීම ලෙස ද තහවුරු වීමයි”
මෙම සම්මාන දිනාගැනීම වෙනුවෙන් සමාගමේ සියළුදෙනා වෙත සුභාසිංශන පිරිනමමින් ඇය කියා සිටියේ “කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකයින් කණ්ඩායම් හැගීමෙන් යුතුව සියලු ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීම හේතුකොට අපට මෙම විශිෂ්ට සම්මානයට හිමිකම් කීමට හැකියාව ලැබුනා. තවදුරත් කණ්ඩායම බලාත්මක කරමින් ඉදිරියේදී AIA රක්ෂණ සමාගම විශිෂ්ටත්වයේ ඉහලම තලය වෙත නංවා තැබීමට අප එකමුතුව කටයුතු කරමින් සිටිනවා.”
This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .