ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
For Individuals
අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.
සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගමඅපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA පාරිභෝගික පෝටලය
අපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
{{title}}
{{label}}Colombo, 30/03/2016
2016 මාර්තු 30 වැනිදා කොළඹදී: AIA ඉන්ෂුවරන්ස් ලංකා පී.එල්.සී විසින් එහි අධ්‍යක්ෂ මණ්ඩලයට විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස රසල් ද මෙල් පත් කරනු ලැබ ඇත. මෙම විශිෂ්ට අධ්‍යක්ෂ මණ්ඩලයට (සමාගමේ බහුතර කොටස් හිමිකාරිත්වය AIA සමූහය අත්පත් කරගැනිමෙන් පසූ දීපාල් සූරියආරච්චි පත් විීමෙන් පසුව පත් වන දෙවැනි ශී‍්‍ර ලාංකික විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයා ඔහුය. විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් ලෙස, දිගුකාලීන පළපුරුද්ද සහ ශී‍්‍ර ලාංකික මූල්‍ය සේවා ක්ෂේත‍්‍රය පිළිබද අවබෝධය බෙදාහදාගනිමින් සමාගමේ සියඑ ව්‍යාපාර පාර්්ෂවකරුවන්ගේ අභිමතාර්ථයන් ආරක්ෂා කිරීම සදහා ප‍්‍රධාන කාර්යභාරයක් දීපාල් සහ රසල් විසින් ඉටු කරනු ලබයි.
මේ පිළිබදව අදහස් දක්වමින් ප‍්‍රධාන විධායක නිලධාරී ෂා රූෆ් මෙසේ පැවසීය: 'දීපාල් සූරියආරච්චි සමග එක්ව නිසැක වශයෙන්ම අපගේ ව්‍යාපාර කටයුතුවල ගුණාත්මකබව ඉහළ නැංවිීමට අවැසි දැනුම සහ පළපුරුද්ද සහිතව අප සමග එක් වන රසල් ද මෙල්ව සාදරයෙන් පිළිගන්නට ලැබීම අපට සතුටක්’.
රසල් ද මෙල් වසර 30කට අධික කාලයක් NDB සමූහයේ සේවය කර ඇත. එහි අධ්‍යක්ෂ/ සමූහ ප‍්‍රධාන විධායක ලෙස ඔහු 2013 වසරේදී විශ‍්‍රාම ලැබීය. දැනට ඔහු මාලදිවයින් දූපත්වල නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාවේ, ටැල් හොටේල්ස් ලංකා පී.එල්.සී (ටාජ් සමුද්‍රා , ඊ.ඒ.පී. හෝල්ඩින්ග්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් සහ සිංගර් ෆිනෑන්ස් (ලංකා පී.එල්.සී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි. ඔහු ලෝක බැංකු සමූහයේ සාමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ උපදේශකයකුද වෙයි. එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ සාමාජිකයකු වන ඔහු වරලත් ජාත්‍යන්තර කළමනාකරණ ගණකාධිකාරීවරයකු මෙන්ම ශී‍්‍ර ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේද සාමාජිකයකු වෙයි.
අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වන්නේ සභාපති විලියම් ලයිල්, අධ්‍යක්ෂවරුන් වන මිෂෙල් ඬේවිඞ් නිව්, රොබර්ට් ඇලෙක්සැන්ඩර් හාර්ට්නෙට් සහ මනෝජ් රාමචන්ද්‍රන් යන අයය.
This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .