ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
For Individuals
අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.
සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගමඅපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA පාරිභෝගික පෝටලය
අපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
{{title}}
{{label}}Colombo, 10/03/2016
මෑතකදී කළ පර්යේෂණයකට අනුව, ශ්‍රී ලංකාවේ නිවෙස්වල ප්‍රදාන පෙළැඹුම්කරුවන් මෙන්ම තීරණ ගනු ලබන්නන් අතරින් 54%ක් කාන්තාවන්ය. මෙයින් අදහස් වන්නේ බොහෝ මිලදීගැනීම් සහ නිවසේ විවිධ ක්‍රියාකාරකම් පිළිබද තීරණ ගනු ලබන්නේ කාන්තාවන් විසින් බවය. එබැවින්, පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය ලැයිස්තුවක් සැකසීම, පවුලේ ඊළග නිවාඩුව සැලසුම් කිරීම හෝ රක්ෂණයක් ලබාගැනීම යනාදී මේ කුමන කටයුත්තක් සම්බන්ධයෙන් වුවද, පවුලේ වඩාත්ම වැදගත් කටයුතුවලට ඇයගේ ප්‍රමුඛතාව හිමි වන්නේ යැයි සිතිය හැකිය.
තීරණ ගනු ලබන කාන්තාවන් 54% අතරින් අඩකටත් වැඩි පිරිසක් විසින් රක්ෂණ ආවරණ ලබාගෙන තිබීම විශේෂ කරුණක් විය (TGI, ශ්‍රී ලංකා, 2014/15*. කාන්තා රක්ෂණවර හිමියන් පිරිස වැඩි වී ඇති බවද, 2015 වසරේදී AIA රක්ෂණවර අතරින් 35%ක් පමණ මිලදී ගෙන ඇත්තේ කාන්තාවන් බවද AIA විසින් හදුනාගෙන ඇත. මෙයින් පෙනී යන්නේ සිය පවුලේ අනාගත රැකවරණය ඔවුන්ගේ අවධානයට ලක්වන ප්‍රදානතම කරුණු අතරින් එකක් වන බවය. පවුලක මූල්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව සාපේක්ෂ වශයෙන් වැදගත් බව පැහැදිලිව පෙනෙන අතරම, ඒ සම්බන්ධයෙන් යමක් කිරීමට කාන්තාවන් සැමවිටම උනන්දු වන බව පෙනෙන්නට තිබේ.
රැකියා ක්ෂේත්‍රයට පිවිසෙන කාන්තාවන් පිරිස දිනෙන් දින වැඩි වෙමින් පවතින අතර, මේ වන විට එය ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් බවට පත්ව ඇත. සිය පවුලේ සෞඛ්‍යමය සහ මූල්‍යමය සුභසිද්ධිය සහතික කිරීම සදහා ප්‍රදානත්වය ගෙන කටයුතු කිරීමට සහ සුබවාදී තීරණ ගැනීමට කාන්තාවන්ට වඩාත් පුළුල් ඉඩප්‍රස්තාවක් එමගින් ලැබී තිබේ. එසේම ශ්‍රී ලාංකික නිවෙස් 4කින් 1ක නිවසේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ කාන්තාවක් වන හෙයින් (ජන හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුවේ 2012/2013 කාලයේ දත්තවලට අනුව ඇයගේ මූල්‍යමය තත්ත්වය ඇයගෙන් යැපෙන්නන් හට වඩාත් වැදගත් වෙයි.
සිය පවුලේ අනාගතය සුරක්ෂිත කිරීම, තීරණ ගනු ලබන ඕනෑම අයෙකුගේ මූලික වගකීමකි. සැබෑ ජීවිතයේ මුහුණපාන්නට වන කුමන අභියෝගයක් හමුවේ වුවද, ඔබට සහ ඔබේ පවුලේ ආදරණියන් හට වඩාත් නිරෝගී සම්පන්නව දිගු කලක් ජීවත්වීමේ හැකියාව සහතික කරගැනීමට AIA සමග සම්බන්ධ වන්න. 0112310310 ඔස්සේ AIA අමතන්න.
This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .