ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
For Individuals
අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.
සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගමඅපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
අපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
{{title}}
{{label}}Colombo, 09/02/2016
ශී‍්‍ර ලාංකිකයින් අතර නිරෝගී දිවියක් ප‍්‍රචලිත කිරීම සදහා ගනු ලබන උත්සාහයක් ලෙස, ප‍්‍රකට ගත් කතුවරයකු මෙන්ම දේශකයකු ද වන මහාචාර්ය දයා රෝහණ අතුකෝරල සමග එක්ව, දියවැඩියාව වළක්වාගන්නේ කෙසේද යන කරුණ පිළිබදව රචිත ඔහුගේ නවතම කෘතිය පළ කිරීමට AIA ඉන්ෂුවරන්ස් ඉදිරිපත් විය.
පසුගියදා පැවැති චාම් උත්සවයකදී එම කෘතියේ මුල් පිටපත කතුවරයා විසින් AIA ඉන්ෂුවරන්ස් හි නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ වෙත පිරිනමනු ලැබිණි. දියවැඩියාව ජයගත හැකි මඟ නමින් රචනා කර ඇති මෙම කෘතිය ‘21 වැනි සියවසේ වසංගතය ලෙස හැදින්වෙන ඉතා පුළුල් අයුරින් පැතිරී යමින් පවතින මෙම බියකරු බෝ නොවන රෝගය වළක්වාගැනීම ස`දහා කළ යුතු සහ නොකළ යුතු වැදගත් තොරතුරු රැසක් ඇතුළත් අගනා කෘතියකි.
‘‘නිරෝගී ජීවන රටාවකට හුරුවීම අද වන විට සියලූම වයස් කාණ්ඩවල සහ සෑම තරාතිරමක පිරිස් සදහා ඉතා වැදගත් අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා. ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් ලෙස, යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පවත්වාගැනීමේ වැදගත්කම AIA විසින් දැඩි සැලකිල්ලකින් යුතුව අගය කරනු ලබනවා’’ උපුල් විජේසිංහ පැවැසීය. ‘‘ශරීර සුවතාව පවත්වාගැනීම සදහා නිවැරදි ආහාර ලබාගැනීමට වගේම නිතිපතා ව්‍යායාම කිරීමටත් රටේ ජනතාව හුරු කළ යුතු බව අප දැඩි ලෙස විශ්වාස කරනවා. මෙවැනි කෘති මගින් ඒ සදහා ම`ග පෙන්වීම ලබාදෙනවා’’ ඔහු වැඩිදුරටත් පැවැසීය.
අප සතුව ඇත්තේ සීමිත පිටපත් ප‍්‍රමාණයක් බැවින් පළමුව ඉල්ලා සිටින අයට පළමුව ලබාදීමේ පදනම මත මෙම කෘතියේ පිටපතක් AIA වෙතින් ඔබට නොමිලේ ලබාගත හැකිය. පිටපත තැපැල් මගින් එවනු ලබන අතර ඒ සදහා දුරකථන අංක 011 2310310 අමතා ඔබේ නම සහ ලිපිනය අපට ලබාදෙන්න. නැතහොත් ඔබ අමතා ඔබේ ලිපිනය ලබාගැනීමට 011 5310000 වෙත BOOK හිස්තැනක් ඔබේ නම ටයිප් කර අපට කෙටි පණිවුඩයක් එවන්න.