ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
For Individuals
අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.
සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගමඅපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA පාරිභෝගික පෝටලය
අපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
{{title}}
{{label}}Colombo, 16/06/2016
ලොව පුරා විවිධ රටවල ජූනි 8 වැනිදා ‘ජගත් සාගර දිනය’ සමරන ලද අතර, කළුතර කැලිඩෝ වෙරළ පිරිසිදු කරමින් AIA ශී‍්‍ර ලංකා කාර්යමණ්ඩල සාමාජිකයින් ද මිහිතලය වඩාත් යහපත් තැනක් බවට පත් කිරීම සඳහා වන ඒ විශ්ව වැඩසටහනට එක් වූහ.
කළු ගඟ සහ දකුණු මුහුදු තීරය අතරින් දිවෙන කැලිඩෝ වෙරළ තීරය පිරිසිදුකිරීම සඳහා AIA කාර්යමණ්ඩල සාමාජිකයින් විශාල පිරිසක් ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වූහ. ස්වාභාවික ඛාදනය මෙන්ම මෙම ස්ථානයට පැමිණෙන පිරිස දිනෙන් දින සීඝ‍්‍රයෙන් ඉහළ යෑම හේතුකොටගෙන ඇති වන පරිසර දුෂණය වැනි අභියෝගයන්ට මුහුණ දී සිටින සියුම් පරිසර පද්ධතියක් සහිත ප‍්‍රදේශයක් ලෙස මෙම ස්ථානය වඩාත් ප‍්‍රකටය.
අවට විසිරුණු කැළි කසල එකතු කරමින් වැලි තීරය පිරිසිදුව සහ මනරම්ව සැකසීමට උද්‍යෝගයෙන් යුතුව කටයුතු කරමින් AIA කාර්යමණ්ඩලය එය විනෝදජනක දිනයක් බවට පත් කරගත්තේය. පරිසර සංරක්ෂණයේ වැදගත්කම අවබෝධ කරගැනීමට මෙම ව්‍යාපෘතිය එම සේවක පිරිසට උපකාරී විය.
‘‘මේ වසරේ ජගත් සාගර දින තේමාව වන ‘‘සුවැති සයුරු දියක්, සුවැති සෝඳුරු මිහි මවක්’’ එක්සත් ජාතීන් විසින් නිල වශයෙන් පිළිගනු ලැබූ අතර, ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වූ අපේ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ සහාය ඇතිව කැලිඩෝ වෙරළ පිරිසිදු කිරීම මගින්, පරිසරය සුරැුකීම සඳහා වන අපේ ‘හරිත ලොවක් මවමු’ යන තේමාව ඉදිරියට ගෙන යෑමට එය අපව පෙළඹුවා. මෙය ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කරමින් අනාගත පරපුර සඳහා පරිසරය රැුකගැනීමේ අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවෙන් දැරූ අවංක, සංකේතාත්මක උත්සාහයක්’’, යැයි AIA ශී‍්‍ර ලංකා සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂිකා චතුරි මුණවීර පැවසුවාය.
This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .