ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 23/11/2015
වෙල්ත් ප්ලෑනර්වරුන් සහ කළමනාකරුවන් 1000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති අති උත්කර්ෂවත් සම්මාන රාත්‍රියේදී විශිෂ්ට කාර්යසාධනයක් අත්පත් කොට ගත් විශිෂ්ටතම අලෙවි වෘත්තිකයින් ඇගයුමට ලක් කෙරිණි. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී වසර තුළ ලද ජයග්‍රහණ සැළකිල්ලට ගනිමින් ප්‍රිමියර්, ප්රිවිලේජ්ඩ් සහ සීනියර් යන වෘත්තික පදවි නාම අදාළ අලෙවි වෘත්තිකයන් වෙත පිරිනමනු ලැබේ. මෙම සම්මාන ප්‍රදනොත්ස්වයෙන් අනතුරුව අලෙවි සම්මේලනය පැවැත්විණි.
මෙහිදී සම්මාන ප්‍රදනොත්ස්වය පැවති ශාලාව ජයග්‍රාහි විරුවන් පසුබිම් කරගනිමින් අලංකෘත අයුරින් සරසා තිබීම සම්මානලාභීන් හට අමතක නොවන සුවිශේෂී අත්දැකීමක් ලබාදීමට සමත් විය. මෙම වසරේදී ලොව රක්ෂණ අලෙවි වෘත්තිකයින් හට අත්පත් කරගත හැකි අග්‍රගන්‍ය ජයග්‍රහණය වන MDRT සම්මන්ත‍්‍රණයට සහභාගී වීම සඳහා වෙල්ත් ප්ලෑනර්වරුන් 24 දෙනෙකු සුදුසුකම් ලබා තිබිණි. ඔවුන් අතුරින් දෙදෙනෙකු MDRT කෝට් ඔෆ් ටේබල් (MDRT - Court of the Table) තත්ත්වය අත්පත් කර ගැනීමට සමත් වූහ.
ප්‍රදාන සම්මානය වන විශිෂ්ටතම වෙල්ත් ප්ලෑනර් සම්මානය කොළඹ ප්‍රාදේශීය කාර්යාල 1 හි හුෂානි විමලසේන විසින් දිනා ගැණින. ඇය 2013 සිට 2015 දක්වා IQA ජයග‍්‍රාහිකාවක් වීමට අමතරව වසර 2008ල 2011 සහ 2014 දී ඵෘඍඔ කෝට් ඔෆ් ද ටේබල් තත්ත්වය ද අත්කර ගෙන තිබේ.
විශිෂ්ටතම වෙල්ත් ප්ලෑනර් කළමනාකාර සම්මානය දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රාදේශීය සංවර්ධන කාර්යාලය නියෝජනය කළ ආර් එම් පේ‍්‍රමදාස වෙත හිමි වූ අතර මාවනැල්ල ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ වයි. ජී. ජී. බී. යටිගම්මන වෙත වසරේ විශිෂ්ටතම ප්‍රාදේශීය සංවර්ධන කළමනාකාර සම්මානය ප්‍රදානය කෙරිණි. කොළඹ ප්‍රාදේශීය කාර්යාල 1 හි ප‍්‍රිම්රෝස් සැමිඩෝන් අඛණ්ඩව දෙවන වසරටත් විශිෂ්තටතම බෙදාහැරීම් ඒකක ප්‍රදානි සම්මානය හිමි කර ගත්තාය.
මෙම සම්මාන උළෙලට ඇතුළත් වූ තවත් විශේෂ ඇගයීමක් වූයේ විශිෂ්ටතම නැගී එන ජයග්‍රාහක සම්මාන හතරක ප්‍රදානය කිරීමයි. විශිෂ්ටතම නැගී එන වෙල්ත් ප්ලෑනර් - පිරිමි සම්මානය කොළඹ කළාප 4 - පි. ටී. ඞී. පෙරේරා විසින්ද එහි කාන්තා සම්මානය තිස්සමහාරාම ප‍්‍රාදේශීය සංවර්ධන කාර්යාලය නියෝජනය කළ අයි. පි. ආර්. ප්‍රියංගනී විසින්ද දිනා ගැණින. විශිෂ්ටතම නැගී එන වෙල්ත් ප්ලෑනර් කළමනාකාර සම්මානය කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල 1 නියෝජනය කළ ඊ. එම්. එන්. ජේ. දසනායක විසින්ද විශිෂ්ටතම නැගී එන බෙදාහැරීම් ඒකක ප්‍රදානි සම්මානය මීරිගම කළාප කාර්යාලයේ රුවන් ප්‍රනාන්දු විසින් ද හිමි කර ගැණිනි.
සමාගමෙහි නියෝජ්‍ය ප්‍රදාන විධායක නිලධාරී උපුල් විජේසිංහ මේ පිලිබදව මෙසේ සිය අදහස් පළ කලේය. ‘‘මෙම වසරේදී අපගේ වෙල්ත් ප්ලෑනර් කණ්ඩායම ජයග‍්‍රහනයේ නව මාවතක් කරා ළඟා වි තිබෙනවා. එමෙන්ම සමාගම කෙරෙහි සේවලාභීන්ගේ අග්‍රගන්‍ය විශ්වාසය සහ දිගු කාලීන ලැදි බව වර්ධනය කරගැනීමෙහිලා කැපවීමෙන් යුතුව කටයුතු කළ අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන් අතුරින් විශිෂ්ටයින් හඳුනාගනිමින් ඔවුන්ගේ අලෙවි කාර්යසාධනයන් ඇගයුමට ලක් කිරීමට අප කටයුතු කළා.’’
සමාගමෙහි ප්‍රදාන විධායක නිලධාරී ෂා රූෆ් ජයග්‍රාහකයන් වෙත සුබ පැතුම් එක් කරමින් මෙසේ සිය අදහස් පළ කළේය. ‘‘අපගේ ශීඝ‍්‍රයෙන් වර්ධනය වන වෙල්ත් ප්ලෑනර් කණ්ඩායමෙහි කැපවීම සහ අසමසම නිපුණත්වය AIA ශ්‍රී ලංකා වෙත ඉමහත් අභිමානයක් එක් කරනවා. සේවාලාභීන් වෙත සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන් සතු හැකියාව ගෞරවයට පාත‍්‍ර විය යුතු අතර ඔවුන්ගේ ආදර්ශවත් ක්‍රියාකාරිත්වයට සරිලන ආකාරයෙන් මෙසේ උත්කර්ෂවත් අයුරින් සම්මාන ප්‍රදානය කිරීමට හැකි වීම පිලිබඳව අප අතිශය සතුටට පත් වෙනවා.’’