ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
AIA ඉන්ෂුවරන්ස් හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටෙලිමෙඩිසින් සේවා සැපයුම් සමාගමක් වන oDoc සුවිශේෂී සහයෝගීතාවයකට එළඹ තිබෙන අතර, AIA රක්ෂණ සමාගමේ සේවාලාභීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා සීමා රහිතව විශේෂඥ වෛද්‍ය උපදේශන සේවාවක් එමගින් ලබා දෙයි. ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුල මෙවැනි සේවාවක් හඳුන්වා දෙන ලද පළමු අවස්ථාව මෙය වන අතර, සේවාව ක්‍රියාත්මක කරනු ලබන්නේ oDoc app ඔස්සේය. AIA සේවාලාභීන්ට නොමිලේ හිමිවන තවත් අගය එකතු කළ ප්‍රතිලාභයක් වන මේ හරහා ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකථන මාර්ගයෙන් වෛද්‍යවරුන් වෙතින් අවශ්‍ය උපදෙස් ලබාගැනීමට වටිනා අවස්ථාවක් ලැබී තිබේ. මෙම සහයෝගීතාවයෙහි ප්‍රතිඵලයක් වශයෙන් AIA First Class සේවාලාභීන් හා AIA Health Protector සේවාලාභීන් වෙත අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීමට පියවර ගෙන තිබෙන අතර, ළමා රෝග, ප්‍රසව හා නාරිවේද, සමේ රෝග හා මානසික සෞඛ්‍ය වැනි අංශයන්හි 100කට අධික සාමාන්‍ය වෛද්‍යවරුන් හා 40කට අධික විශේෂඥ ක්ෂේත්‍රයන්හි වෛද්‍ය විශේෂඥයින්ගේ උපදේශනයන් ඔවුන්ට ලබාගත හැකිය. වීඩියෝ, ඕඩියෝ හා කෙටි පණිවිඩ යන මාධ්‍යයන් ඔස්සේ තමන්ගේ කැමැත්ත අනුව එම වටිනා වෛද්‍ය උපදෙස් හා බෙහෙත් වට්ටෝරු ලබා ගත හැකි අතර, ඒවා මිනිත්තු කිහිපයක් ඇතුළත අදාල රෝගීන්ගේ දුරකථන වෙත යොමු කෙරේ. මෙම සේවාවේදී ප්‍රමිතිය පවත්වාගැනීම වෙනුවෙන් විශේෂ අවදානයක් යොමුකරන අතර, වසර 5කට වැඩි පළපුරුද්දක් සහිත හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් පමණක් oDoc app හරහා ඔබට හමුවනු ඇත. ඖෂධ ගෙනැවිත් භාරදීම හා ජංගම වෛද්‍ය පර්යේෂණාගාර සේවාවන් වැනි අමතර පහසුකම්ද මීට අන්තර්ගත වේ.
AIA ඉන්ෂුවරන්ස් විසින් හඳුන්වාදී තිබෙන තවත් වැදගත් සෞඛ්‍ය හා සුවතා සේවා විසඳුමක් ලෙස මෙය දැක්විය හැකිය. මෙය AIA ඉන්ෂුවරන්ස් මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට ප්‍රථම වරට හඳුන්වා දෙන තවත් සේවාවක් වන අතර, AIA සේවාලාභීන්ට oDoc app ඔස්සේ විශේෂඥ සෞඛ්‍ය උපදෙස් නොමිලේ හිමිවීම මෙහිදී සිදුවේ. තමන් සතු AIA ඉන්ෂුවරන්ස් ප්‍රතිපත්තියක් වෙනුවෙන් වර්ෂයකට රුපියල් 100,000/-කට වැඩි වාරික වටිනාකමක් හිමි සේවාලාභීන් මේ සේවාව සඳහා සුදුසුකම් ලබන අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි සුවතා විශේෂඥයින්ගේ උපදේශනයන් ලබා ගැනීමේ අවස්ථාව හිමිකර ගනිති. ශාරීරික රෝග, මානසික රෝග හා පෝෂණ ඌණතා ආදිය සම්බන්ධයෙන් ඔබේ අවශ්‍යතාවය හා කැමැත්ත පරිදි සුවතා විශේෂඥයින් තෝරාගැනීමට මෙහිදී හැකියාව තිබෙන අතර, ඔබේ පහසුව අනුව නිවසේදීම පෝෂණවේදීන්, ආහාරවේදීන්, මානසික සෞඛ්‍ය වෘත්තිකයින් හෝ භෞතචිකිත්සකයින් වෙතින් වර්ෂයකට නොමිලේ උපදේශන වාර 6ක් දක්වා හිමිකරගැනීමටද ඔබට හැකියාව ඇත. එමෙන්ම මෙම සහයෝගීතාවය ඔස්සේ ලබා දෙන උපදේශන සේවාවට අමතරව ඖෂධ වට්ටෝරු ලබාගැනීම හා ඖෂධ වර්ග ගෙනැවිත් භාරදීම, හා නිවසටම පැමිණ ජංගම වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම ආදී ප්‍රතිලාභ ද ඔබට හිමිවනු ඇත.
AIA ශාරීරික යෝග්‍යතා විසඳුම (AIA Fitness Solution) මගින් එම සේවාව පරිශීලනය කරන්නන්ට අන්තර්ජාලය ඔස්සේ යෝග්‍යතා උපදෙස් ලබා දෙන පංති සඳහා සහභාගීවීමේ අවස්ථාව ලබා දෙන අතර, සෞඛ්‍ය සම්පන්න බව හා සුවතාවය රැකගැනීමට අවශ්‍ය අනුබලය ලබා දීම සිදුකරයි. මේ වෙනුවෙන් AIA ඉන්ෂුවරන්ස් සහ ප්‍රමුඛතම අන්තර්ජාල යෝග්‍යතා උපදේශන සේවා සැපයුම්කරුවෙකු වන Fitzky අතර සුවිශේෂී සහයෝගීතාවයක් ගොඩනංවාගනු ලැබූ අතර, ඕනෑම සේවාලාභියෙකුටනිවසේ සිටම පහසුවෙන් හා සෞඛ්‍යාරක්ෂිතව Fitzky විසින් පවත්වන අන්තර්ජාල ශාරීරික යෝග්‍යතා උපදේශන පංති සඳහා නොමිලේම සහභාගී වීමේ අවස්ථාව ලබා දී තිබේ. සෑම මසකම අන්තර්ජාල යෝග්‍යතා පංති 12ක් සඳහා නොමිලේ සහභාගීවීමේ හැකියාව මෙහිදී AIA සේවාලාභීන්ට ලැබෙන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාරීරික යෝග්‍යතා උපදේශකයින් විසින් ඒවා මෙහෙයවීම සිදුකරයි. ඔවුන් විසින් වීඩියෝ මාර්ගයෙන් ශාරීරික යෝග්‍යතා උපදේශනයන් ලබාදීම මෙහිදී සිදුකරන අතර Zumba, Yoga, HIIT, Cardio, Strength හා Conditioning Training, Abs Training, මෙන්ම Body Weight Training වැනි පුළුල් පරාසයක පැතිරුණු ශාරීරික යෝග්‍යතා උපදේශන පංති මේ යටතේ පැවැත්වෙනු ඇත.
AIA ඉන්ෂුවරන්ස්, නොබෝදා දන්ත සෞඛ්‍ය පිලිබඳ ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා සමාගමක් වන My Dentist සමගින් සහයෝගීතාවයකට එළඹිණි. මෙම සමාගම, දේශීයව සහ විදේශීයව පුහුණුව ලත් දන්ත වෛද්‍යවරුන්ගේ කණ්ඩායමකින් සමන්විත වන අතර ඔවුන් විසින් දන්ත වෛද්‍ය සේවයේ දේශීයව ලද අත්දැකීම් සමගින් ප‍්‍රතිකාර සහ පසු සේවා සැපයීමට අදාළ වැඩිදියුණු කළ නවීනතම ක‍්‍රමවේදයන් සහ තාක්ෂණය උපයෝගී කරගනිමින් කටයුතු කරයි. මෙම සහයෝගීතාවය ඔස්සේ සියළුම AIA සේවාලාභීන් සහ ඔවුන්ගේ පවුගේ සාමාජිකයින්හට දත් පිළිසකර කිරීම්, සාමාන්‍ය දන්ත වෛද්‍ය සේවා, ළමා දන්ත වෛද්‍ය සේවා, සිනාවේ පෙනුම වැඩිදියුණු කිරීමේ සේවාවන්, දන්ත චිකිත්සක සේවා, අනෙකුත් විශේෂිත දන්ත වෛද්‍ය සේවා සහ මුඛ සහ උඩුහනු ආශ‍්‍රිත විශේෂිත දන්ත වෛද්‍ය සේවා ඇතුළුව තවත් දන්ත වෛද්‍ය ප‍්‍රතිකාර සහ ශල්‍යකර්ම සේවාවන් රැසකට 15%ක විශේෂිත වට්ටමක් ලබා ගැනීමේ හැකියාව ඇත. මෙම අසමසම වට්ටම සමගින් අපගේ සේවාලාභීන්ගේ අවශ්‍යතා සපුරාලීමට නවමු විසදුමක් ඉදිරිපත් කෙරෙන අතර, ඔවුනට සතුටුදායක පාරිභෝගික අත්දැකීමක් ලබා දීමත්, එමගින් සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් අත්කර ගැනීමට ඔවුනට සහාය වීමත් අපගේ අපේක්ෂාවයි. AIA සේවාලාභීන්හට ඕනෑම My Dentist සායනයක් වෙතින් මෙම වට්ටම ලබා ගැනීමේ හැකියාව ඇත. සේවා කාලයක් වෙන්කර ගැනීමට හෝ පසු සේවා සඳහා සේවාලාභීන්හට 011 2673033 / 077 756 2245 ඇමතිය හැකිය
AIA ඉන්ෂුවරන්ස්, අධි සුඛෝපභෝගී හෝටල් සහිත Teardrop හෝටල් ජාලය සමගින් සහයෝගීතාවයකට පිවිස ඇති අතර එමගින් AIA First Class සේවාලාභීන්හට විශේෂිත වට්ටම් ලබාගැනීමේ හැකියාව සලසා ඇත. මෙම සහයෝගීතාවය ඔස්සේ AIA First Class සේවාලාභීන්හට 2022 පෙබරවාරි මස 1 වන දින සිට නොවැම්බර් මස 30 වන දින අතරතුර ඒම හෝටල් ජාලයට අයත් ඕනෑම හෝටලයක කාමර වෙන්කරවා ගැනීමේ දී 10%ක වට්ටමක් භුක්ති විඳීමේ අවස්ථාව සැලසේ. Teardrop යනු ලංකාව පුරා විවිධ ප්‍රදේශ වල ඉතා මනරම් ස්ථානයන් හි පිහිටා ඇති අධි සුඛෝපභෝගී හෝටල් සහිත හෝටල් ජාලයක් වන අතර ඒවා පිහිටා ඇති ස්ථානයන්ට අනුව ඒ ඒ ගමනාන්තයන්ට ආවේණික වූ අසමසම රසයන් සිය පාරිභෝගික ජනතාවට අත්විඳීමට සලස්වාලමින් මෙම හොටල්කරා එන සංචාරකයින්හට ශ්‍රී ලංකාව තුල දී සොදුරු මතක සටහන් නිර්මාණය කරදීම ඔවුන් තහවුරු කරයි. මෙම හෝටල් ජාලයට අයත් හෝටල් සියල්ලෙහිම අත්දැකීම් වලින් පිරිපුන් පිරිසක් සේවයේ යෙදී සිටින අතර සෑම සංචාරකයෙකුහටම සුවිශේෂී අත්දැකීම් සහිත අමතක නොවන නිවාඩුවක් ලබාදීමට ඔවුන් කැපවී කටයුතු කරයි. AIA First Class සේවාලාභීන්හට 0773638381 / 0777252271 අමතා හෝ enquiries@teardrop-hotels.com.වෙත ඊමේල් පණිවිඩයක් යොමුකිරීමෙන් කාමර වෙන්කරවා ගැනීමට හැකියාව ඇත.