ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 30/04/2019
ස්ටෙෆනි සිරිවර්ධන යනු දක්ෂතා රැසකින් හෙබි, රූපරාජිණියක්, උපධිදාරිනියක් මෙන්ම ක්‍රියාශීලී සමාජ සේවයේ නියුතු කාන්තාවක වන අතර ඇය කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුනට අවශ්‍ය අධ්‍යාපනය ලබාදෙන ස්ටෙෆනි සිරිවර්ධන පදනමේ හිමිකාරිය ද වෙයි.
ඇයගේ ක්‍රියාශීලී ජීවන රටාව පිළිබඳව මේ ඇය අප සමඟ කළ කථාබහයි..
ස්ටෙෆනි සිරිවර්ධන යනු කවුද?
මම සිතන ආකාරයට මම, මිනිසුන් තුළ ධනාත්මක බලපෑම් ඇති කරමින්, හැකිතාක් දැනුම බෙදා ගනිමින්, මිනිසුන් බලගන්වන චරිතයක්. වෘත්තියෙන් මම නිවේදිකාවක් ලෙස වැඩ කරන අතර මාගේ සැමියා වන දුෂ්යන්ත් සමග ගායන කටයුතු වලත් නිරත වෙනවා. මම ජීවිතේ වඩාත්ම කැමැති දේ තමයි උදව් අවශ්‍ය අයට අවශ්‍ය වෙලාවට උදව් කිරීම.
ඔබේ පියා ශ්‍රී ලාංකිකයෙක්. ඔබේ මව ඉතාලි, ලෙබනන් සහ පෘතුගීසි මිශ්‍ර සම්භවයක් ඇති අයෙක්. ඔබ ඔබේ අනන්‍යතාවය හඳුන්වා දෙන්නේ කෙසේද?
මම ලංකාවේ හැදුනත් කුමන ජාතිකත්වයකට අයිති ද කියලා මම දැනගෙන හිටියෙ නෑ. මොකද මම ජාතීන් කීපයකටම අයිති නිසා. මට අවුරුදු 21 දී මගේ ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රය අවලංගු වුණා. ඒ වෙලාවේ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කරන කාර්යාලයෙන් මම ශ්‍රී ලාංකිකයෙක් නොවෙයි කියලා මට නව ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළා. මම පැය දෙකක් වගේ කාලයක් කිසිම ජාතිකත්වයක් නැති කෙනෙක් වී සිටියා.
මම හදවතින්ම සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක්. මම ජීවත්වෙන්න කැමති ලංකාවේ වුනත් ලෝකය පුරා හැම මොහොතකම සිද්ධවෙන සියලු දේ දැන ගන්න කැමතියි. ඒ වගේම සංචාරය කරන්නත් ආසා තැන් ගොඩක් තියෙනවා.
ඔබේ ළමා කාලය පිලිබඳ යමක් කියන්න කැමතිද ?
මම පොත් කියවන්න හරිම ආසයි, ඇත්තටම කියුවොත් මම පොත් ගුල්ලෙක්. දැන් කිව්වට කවුරුත් පිළිගන්නේ නැහැ. අවුරුදු 14 ක් වෙනකල් මම හිටියේ ලංකාවේ. මම පන්ති කාමරයේ එතරම් ජනප්‍රිය චරිතයක් වුණේ නෑ. මම පාසල් ගිය අවුරුදු 14ට ඉස්කෝල නවයක ඉගෙනගෙන තියෙනවා. මෙම අත්දැකීම මට හැමෝම එක්ක හොදින් ජීවත් වෙන ආකාරය කියා දුන්නා.
අනික මම විශ්වාස කරන්නේ පවුලක් කියන්නේ, එහි සාමාජිකයින් සැමදෙනාම එක තැනක එකට හොදින් ජීවත්වෙනවා කියන එකයි. පවුලක ඇති සතුට සහ බැඳීම ගෙවල් දොරවල් වැනි භෞතික දේ මත රඳා පවතින්නේ නෑ. මගේ පවුලට තිබුණේ එක තැනක නොරැදුන, අභියෝගයන්ගෙන් පිරුණු ජීවිතයක්. මගේ අම්මා සහ තාත්තා තමයි මාව විශේෂ සහ වෙනස් කෙනෙක් කරන්න මූලික වුණේ. ඉතින් පවුලක් විදිහට අපි තැනින් තැනට යමින් ගත කරපු ඒ ළමා කාලය හරිම සුන්දර එකක්.
ප්‍රසිද්ධ තරුවක් හැටියට ජීවිතය ගැන ඔබ ඉගෙනගත් දේ සහ ඔබට දැනෙන දේ මොනවාද?
මම හිතන්නේ අපි වැදගත් කියල හිතෙන ගොඩක් දේවල් ඇත්තටම වැදගත් නෑ. අපි හඹා යන ගොඩක් දේවල් යතාර්ථයක් නොවන, අපි විසින් හදාගත්ත දේවල්. ඇත්තටම වැදගත් දේ තමයි ඔබ ජීවත් වෙන ආකාරය, ඔබ වටා සිටින අයට ආදරය සහ කරුණාව දක්වන්නේ කොහොමද කියන එක සහ එදිනෙදා ඔබට හමු වන අයගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර. ඔබ ඔවුන්ගේ මුහුණේ සිනාවක් රඳවනවාද? මම කියන්නේ අපට ජීවත්වෙන්න මුදල් අවශ්‍යයි. සම්මාන ලැබෙන එක හොඳයි. නමුත් ඒ හැම දේටම වඩා මනුස්සකම වටිනවා කියලා තමයි මම හිතන්නේ.
අපි අවබෝධ කරගන්න ඕන කිසිම දෙයක් ස්ථිර නෑ කියන එක සහ අපි සැමවිටම ප්‍රමුඛතාවය දෙන්න ඕනේ අපේ පවුලට බව. මම කියන්නේ නෑ දියුණු වීමේ ආශාවක් තියෙන්න ඕන නෑ කියලා. අපේක්ෂාවක් වගේම ඉලක්කයක් තිබිය යුතුයි. නමුත් නිතරම මතකයේ තියාගන්න සම්මානයක් නොලැබීම ඔබේ ලෝකයේ අවසානය නොවන බව සහ ඊට වඩා ආදරය, මිත්‍රත්වය සහ පවුල වැදගත් බව.
ජනප්‍රිය වගේම ප්‍රසිද්ධ චරිතයක් විදිහට මිනිස්සුන්ට ඔබව මතක තියෙන්න ඕනේ කොහොමද?
මේක හොඳ ප්‍රශ්ණයක්. මොකද මම නිතරම මිනිස්සුන්ට කියන දෙයක් තමයි ජීවිතය දෙස ආපසු හැරිලා බලන්න කියන එක. ඔබේ මරණය ගැන සිහි කරන්න. ඔබ ඉතිරි කළ මතකයන් ගැන සිතන්න. අන්න එතකොට ඔබට වැටහේවී ඔබ ජීවත් විය යුත්තේ කොහොමද කියලා. මම මිනිසුන්ගේ මතකයේ රැදෙන්න කැමති අන් අයට උදවු කළ, අඩු තරමේ කීපදෙනෙකුගේ වත් මුහුණුවල සිනහවක් රැන්දු, වෙනසක් කළ හොද මනුෂ්‍යයෙක් විදිහටයි.
අපි දන්නවා ඔබ තාම තරුණයි. නමුත් දැන් හිතලද තියෙන්නෙ විශ්‍රාම ගියාට පස්සෙ මොනවද කරන්න කැමැත්තෙන් ඉන්නෙ කියල..
ඔව් ඇත්තටම... මමත් මගේ සැමියාත් හරිම කැමතියි රට රටවල සංචාරය කරන්න, ලෝකේ වටේ යන්න, විවිධ රටවලට ආවේනික වෙනස් වෙනස් ආහාර රසවිදින්න, ඒ වගේ ගොඩක් අත්දැකීම් ලබන්න හරි කැමතියි. කොහොම උනත් මට සැලැස්මක් තියෙනවා කවදද විශ්‍රාම යන්නේ කියලා සහ මට තියෙන අරමුණු සාක්ශාත් කරගන්න වැඩ කරන්නෙ කොහොමද කියල.
ඔබ තරමක් කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්. වැඩ අධික දිගු දවසක අවසානයේ ඔබ මනස සැහැල්ලු කරගන්නේ කොහොමද?
මගේ සැමියාගේ විනෝදකාමී බව ඒකට උදව්වක්. එයා හරිම අපූරු කෙනෙක්. ඒක මට පහසුවක්. (අපි දෙන්නම නියැලිලා ඉන්නේ ජනතාවට විනෝදය ගෙනදෙන්නා වූ කටයුතු සම්බන්ධ වෘත්තීන්වල) මම නිදහස් වෙලාවට එයා කාර්යබහුලයි. ඒ වගේමයි එකේ අනිත් පැත්තත්. අපි දෙන්නම නිදහස් වෙලාවට, වෙලාව තියෙනවනම් අපි "FRIENDS" රූපවාහිනී වැඩසටහන නරඹනව. අපි එකට කෑම ගන්නවා. ඒ වගේ සරල දේවල් අපි රස විඳිනවා. අපි දෙන්නම කෑම හදනවා, සමහර වෙලාවට කෑම කන්න එළියට යනවා විවිධ ආපන ශාලාවලට. ඉතින් ඒ විදිහට මගේ සැමියා සමග සතුටින් සහ සිනහවෙන් ගතකරන කාලය මගේ දවසේ මහන්සිය නැති කරනවා.
ඔබ වැනි කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට වඩාත් සෞඛ්‍ය සම්පන්නව සිටීමට අනුගමනය කල හැකි ව්‍යායාමයක් සඳහන් කල හැකිද?
මගේ පුහුණුකරුට අනුව බර ඉසිලීම හොඳ ව්‍යායාමයක්. ඔහු කියන විදිහට බර ඉසිලීම කියන්නේ බර අඩුකර ගැනීමට, මස්පිඩු වර්ධනයට, ශරීරය පුරා හොදින් රුධිර සංසරණය වීමට උපකාරී වන දෙයක්. පුද්ගලිකව මම ගොඩක් කැමතියි නර්තනයට. ඒක ව්‍යායාම කරනවා කියලා හිතලා කරනවට වඩා මම කැමැතියි නර්තනයේ ප්‍රතිපලයක් විදිහට ව්‍යායාම ලැබෙනවට. මගේ උපදෙස තමයි, ඔබ ආසකරන දෙයක් හොයාගන්න. එළිමහනේ ඇවිදීම, පිහිනීම, නර්තනය, බයිසිකල් පැදීම වගේ එකක්. ඒක ඔබේ දින චර්යාවේ කොටසක් කර ගන්න. එතකොට දවස තෘප්තිමත්මත්ව අවසාන කිරීමට ඔබට හැකියාව ලැබෙයි.