ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 30/04/2019
oDoc යනු ඔබට අවශ්‍ය සියලූම වෛද්‍ය සේවාවන් නිවසේ සිටම වීඩියෝ, චැට්, දුරකථන මඟින් ලබා ගත හැකි ජංගම දුරකථන ඇප් එකකි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි පවුල් හා විශේෂඥ වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවකගේ සහය ඔබට oDoc ඇප් එක මඟින් ලබාගත හැක. තවද රසායනාගාර පරීක්ෂණ අවශ්‍යනම්, මෙම සේවාව ඔස්සේ ඔබට රසායනාගාර සහය ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක.
AIA First Class සාමාජිකයන්ට මෙම සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී තිබේ.
oDoc ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්නා ක්‍රමය
1 පියවර - https://odoc.life/aia වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වන්න.
2 පියවර - Google Play Store හෝ Apple App Store වෙත පිවිසීමෙන් දුරකථන ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න.
3 පියවර - oDoc වෙත පිවිස, ඔබගේ දුරකථන අංකය ඇතුලත් කරන්න.
4 පියවර - ඔබ කැමති රහස්‍ය අංකයක් ඇතුලත් කර ලියාපදිංචි වන්න.
වෙනත් සහායයන් අවශ්‍යනම් 077 077 3333 දුරකථනය ඔස්සේ අප අමතන්න.
oDoc ඇප් එක භාවිතා කරන ක්‍රමය
1 පියවර - ලියාපදිංචි වීමෙන් පසු oDoc හි සිටිනා වෛද්‍යවරුන් අතරින් ඔබට අදාල වෛද්‍යවරයාව තෝරාගන්න.
2 පියවර - අදාල වෛද්‍යවරයාගේ නම හා ඡායාරූපය ඇති කොටස දකුණට ඇදීමෙන් වෛද්‍යවරයා පිලිබඳ විස්තර ලබා ගත හැක. ඉන්පසු වෛද්‍යවරයාව වෙන්කරගන්න.
වෛද්‍ය සේවාව ලබා ගැනීමට එකඟ වූ වේලාවට වෛද්‍යවරයා සමඟ වීඩියෝ ඇමතුමකින් ඔබට සම්බන්ධ විය හැක.
ඔබට වැදගත් කරුණු
දුරකථනය ඔස්සේ ප්‍රතිකාර කළ හැකි රෝගී තත්ත්වයන් මොනවාද?
දුරකථනය ඔස්සේ ප්‍රතිකාර කළ හැකි රෝගී තත්ත්වයන් වන්නේ උණ, කැස්ස, හෙම්බිරිස්සාව, උදරාබාද, සමේ රෝග තත්ත්වයන්, වෙනත් සිරුරේ ඇතිවන වේදනාකාරී තත්ත්වයන්, මානසික රෝගී තත්ත්වයන්, ලිංගික සෞඛ්‍ය ගැටළු හා කාන්තා සෞඛ්‍ය ගැටළු වේ.
මෙමඟින් ආවරණය වන්නේ කවුද?
AIA First Class සාමාජිකයන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මෙමඟින් ආවරණය වේ.
මෙහි ලියාපදිංචි වෛද්‍යවරුන් කවුද?
අවුරුදු පහකට වඩා වැඩි අත්දැකීමක් ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් මෙහි ලියාපදිංචි වී ඇත. තවද 40ට වඩා අධික විශේෂඥ වෛද්‍යවරුන්ද මෙහි ලියාපදිංචි වී තිබේ. ඒ අතර ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්, නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්, චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්, මානසික රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ ලිංගික සෞඛ්‍ය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් සිටියි.
මෙහි සිටිනා වෛද්‍යවරුන් ලබාදෙන ඛෙහෙත් වට්ටෝරු වල වලංගුතාවය කුමක්ද?
මෙහි ලියාපදිංචි වී සිටිනා සියලූම වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ය. ඔවුන් ඔබ වෙත ලබාදෙන ඛෙහෙත් වට්ටෝරු විශේෂ ආරක්ෂිත ක්‍රමෝපාංග වලින් සුරක්ෂිත වූ ගිණුමක් මාර්ගයෙන් සිදු කරනු ලබන අතර තොරතුරු වල සුරක්ෂිත භාවය උපරිම ලෙස තහවුරු වේ. තවද සෑම ඛෙහෙත් වට්ටෝරුවකම වෛද්‍යවරයාගේ නම, අංකය, අත්සන සහ මුද්‍රාව තබා ඇත.
AIA First Class සාමාජිකත්වය ලැබූ ඔබටත්, ඔබේ පවුලේ සැමටත්, 400කට වඩා අධික පවුල් හා විශේෂඥ වෛද්‍ය පහසුකම් නොමිලේ ලබා ගත හැක.