ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
AIA First Class මගින් ඔබට ලැබෙන සියලුම පහසුකම් හා සේවාවන් මෙන්ම ඔබ සහ ඔබේ ආදරණියයන් වෙනුවෙන්ම සංවිධානය කරන ලද නවතම වැඩසටහන් සහ ප්‍රතිලාභයන් පිළිබඳවත් යාවත්කාලින දැනුම්දීම් ඔබට ලැබෙනු ඇත. මේ තුලින් අප සමඟ සිටිමින් ඔබට ලබාගත හැකි අත්දැකීම් සම්භාරයක් විඳ ගැනීමේ අවස්ථාව සහතික කරනු ලැබේ.
AIA First Class කොළඹ හිල්ටන්හිදී 2018 පබරවාරි මස 16 වන දින දියත් කරන ලදී. මෙම උත්කර්ශවත් සමාරම්භක උළෙල විශිෂ්ඨ ඝනයේ චීස් සහ වයින්හී රස විඳ ගැනීමේ අවස්ථාවකින් සහ මියුරු සංගීතයෙන් මෙන්ම ආහාර සහ බෝජන සංග්‍රහයකින් වර්ණවත් වූ සැන්දෑවක් විය. AIA සිය ජිවිත රක්‍ෂණ සහකරු ලෙස තෝරාගැනීම සඳහා විශ්වාසය තැබීම සහ එතුලින් ගොඩනැගෙන ලද සම්බන්දතාවය වෙනුවෙන් AIA First Class සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් සංවිධානය කරන ලද උත්සවයන්ගෙන් පවත්වන ලද ප්‍රථම ඇගයීම මෙයයි.